අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කෙරුණ ද එය ක්‍රියාත්මක කිරීම මේවනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට විරෝධය පළ කිරීමයි.
අද සිට දුම්රිය ගාස්තු වැඩි කිරීමට ඉකුත් දා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවුණා. කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත සඳහන් කළේ දුම්රිය ගාස්තු වැඩිකළ ක්‍රමවේදයේ ගැටළු රැසක් පවතින බවයි. මගීන්ට මෙන්ම ඇතැම් බලධාරීන්ට ද වැඩිවන ගාස්තු සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයක් නොමැති බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම ඇතැම් ගාස්තු සියයට සියයකටත් වඩා වැඩි අගයකින් ඉහළ යන බවයි ඔහු පෙන්වා දුන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ පැවසුවේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව දුම්රිය ගාස්තුව ඉහළ නංවා ඇති බවයි.
මෙලෙස ගාස්තු වැඩිකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධන සඳහා වැයවන මුදල පියවා ගැනීමට නොහැකි බවයි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ පැවසුවේ.
කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත සඳහන් කළේ දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පවතින බැවින් අද සිට වැඩි කරන දුම්රිය ගාස්තුව අය නොකිරීමට සංගමයක් ලෙස තමන් තීරණය කර ඇති බවයි.
Neth