Sunday, July 06, 2025
Follow Us
අද සිට දුම්රිය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියා මාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න ප්‍රකාශ කර සිටියේ එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිත බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව තිබෙනවා.

(Neth)