Sunday, December 28, 2025
Follow Us
විශේෂ මදුරු මර්දන දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

මේ මාසයේ ඩෙංගු රෝගින් 8,000 ඉක්මවයි


මෙරට තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ මාසය තුළ පමණක් ඩෙංගු රෝගින් 8,200කට ආසන්න පිරිසක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය.

කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම්, පරිශ්‍ර, කර්මාන්තශාලා සහ වෙනත් පොදු ස්ථාන මදුරුවන් බෝවීමේ අවදානමක් සහිත ස්ථාන ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසී ය.

ලබන 25 වැනි දා විශේෂ මදුරු මර්දන දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලබන 25 වැනි දා සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්යය මණ්ඩල පැයක කාලයක් පුරා තම සේවය කරන ආයතනය තුළ සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගෙන විනාශ කිරීමට කටයුතු කළයුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

 

Aruna