Thursday, July 09, 2026
Follow Us
දින 22 කට ප්‍රමාණවත් පෙට්‍රල් රට තුළ තියෙනවා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ගැන කිව්ව කතාව


ඉදිරි දින 30ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

දින 22 ක ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත ද රට තුළ පවතින බව එම සංස්ථාව සඳහන් කළේය.

ඊයේ(22) දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර තිබේ.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් ද ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.

Aruna