ටයර් ටියුබ් මිලත් ඉහළට
වර්තමානයේ පවත්නා ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙන් රටේ බොහෝ පිරිසක් මේ වන විට පාපැදියට හුරුවී ඇතැයි ද මේ හේතුව නිසා ඒවායේ අමතර කොටස්වල මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
මේ ආකාරයට පාපැදිය නැවතත් ජනප‍්‍රිය වීම හේතුකොටගෙන ඉහළ ඉල්ලූමක් ලැබී තිබෙන බව හොරණ ව්‍යාපාරිකයෝ කිහිප දෙනකුම ප‍්‍රකාශ කළහ.
“වෙනදාට අලෙවි කර ගැනීමට නොහැකිව මාස ගණන් ප‍්‍රදර්ශනාගාරවල තිබුණු පාපැදි මේ දිනවල ඉතා ඉහළ ඉල්ලුමකින් අලෙවි වෙනවා. ඒ ඉල්ලුමත් එක්ක රුපියල් 10,000 – 15000කට වගේ ගාණකට විකිණූ පාපැදිය අද වෙද්දී අපිම විකුණන්නේ රුපියල් 80000-95000ක් ලක්ෂයක් වගේ මිලකට. ඒ අතර ටයර් ටියුබ් සහ අනෙකුත් අමතර උපාංග ද ඊට සාපේක්ෂව ගණන් උස්සලා තියෙනවා.’’ වෙළෙඳ ව්‍යාපාරිකයෝ කීහ.
එකල පාපැදියකින් ගමන් බිමන් යෑම මදිපුංචිකමක් සේ සැලකු ජනතාව වර්තමානය වන විට පාපැදියට හුරුවී ඇතැයි ඔවුහු ප්‍රකාශ කළහ. විශේෂයෙන් සාමාන්‍ය ගමනේදී මෙන්ම රැකියා සඳහා යන එන්නන් ද දැන් දැන් පාපැදියට හුරුව තිබේ. විශේෂයෙන් හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, පානදුර, කළුතර, මතුගම ආදී ප‍්‍රධාන නගරවල වෙනදාට වඩා පාපැදිය ජනතාවගේ ප‍්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබේ. උසාවිවලට පැමිණෙන නීතිඥවරුන්, කාර්යාල සේවකයන්, ගුරුවරුන්, ක්‍ෂේත‍්‍ර නිලධාරීන් මේ ආදී රජයේ නිලධාරීන් පවා පාපැදියෙන් සිය රැකියාවට යෑම් ඒම් කිරීම සුලභ දසුනක්වී හමාරය. මේ ආකාරයට පාපැදියට යොමුවීම තුළින් යහපත් ශාරීරික තත්ත්වයක් පවත්වාගෙන යෑමට හැකිවන බවද වෛද්‍ය මතයවී තිබේ.
Aruna