Thursday, July 09, 2026
Follow Us
තවත් ගෑස් නෞකාවක් කොළඹට ළඟාවෙයි

තවත් ගෑස් නැව් 7ක් මග


ගෑස් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළගාවී තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් ඒ බව තහවුරු කළේය.

ඔහු පැවසුවේ අදාළ නෞකාවේ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් ඇති බවයි.

පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වහාම ගෑස් ගොඩබෑම ආරම්භ කරන බව වී. කේතේෂ්වරම් පැවසීය.

මෙම මාසය තුළ ගෑස් තොග හතක් ළගාවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna