Sunday, May 05, 2024
Follow Us
2019 ඡන්ද හිමි නාම ලේඛනයට ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අද

2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවී ඇත්නම් එයට අදාළ හිමිකම් ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අද දිනය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි

ඒ අනුව අද දිනය තුළ හිමිකම් පත්‍ර සම්පුර්ණ කර තමන් අයත් දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාල වෙත භාර දිය යුතු බවත් අදාළ හිමිකම් පත්‍ර ග්‍රාම නිලධාරී මගින් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් ලබාගත හැකි බවත් එම කොමිෂන් සභාව සඳහන් කළේය.

2019 ජුනි 01 වන දිනට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු ශ්‍රී ලාංකිකයින් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතුව ඇත.

(Aruna)