Sunday, May 05, 2024
Follow Us
සෞඛ්‍ය ඇමති රාජිත අද ජනපති කොමිසමට

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය සිව්වසර තුළ රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.

අද දහවල් 1.30 ට අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත්ව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවනු ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

(Aruna)