Sunday, May 05, 2024
Follow Us
ආබාධිත රණවිරුවන් අද මුදල් අමාත්‍යාංශයට යයි

සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අද (19) දිනයේ මුදල් අමාත්‍යවරයා වෙත භාරදෙන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසනවා.

එහි සභාපති යූ. ඞී. වසන්ත පැවසුවේ සිය ඉල්ලීම් ඉටුවන තුරු කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිය සංවිධානය ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහය තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවයි.

මේ අතර ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ "රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සත්‍යග්‍රහය ආරම්භ වෙන විට අදාළ ගෙවීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ගැටලු නිරවුල් කර ක්‍රියා පටිපාටිය සිදු කොට වාර්තා සකස් කරමිනුයි තිබුණේ. එම වාර්තා පසුගිය 16 වැනිදා ආරක්ෂක ලේකම්තුමා විසින් ජනාධිපති ලේකම් හරහා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ජනාධිපතිතුමා මේ වාර්තා අත්සන් තබා දැනට කැබිනට් මණ්ඩලය වෙත යොමු කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලය මේ සඳහා සතියක කාලයක් ඉල්ලලා තියෙනවා. ඒ අනුව ඊළඟ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව කටයුතු සිදුවෙනු ඇති. මෙම කටයුතු අවසන් අදියරේ තිබෙන නිසා ඔවුන්ට සාධාරණ කාලයක් දී මෙම සත්‍යග්‍රහය සාමකාමීව අවසන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. " යනුවෙනි.

(Neth)