තවත් නැව් දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ තිබේ.
එම නෞකාව ඊයේ (16) රාත්‍රී කොළඹ වරායට ළඟා වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව අදාළ නෞකාවේ ඉන්ධන අද පස්වරුවේ ගොඩබෑමට නියමිතය.
ඊයේ අලුයම ද ඩීසල් මෙට්‍රික්ටොන් 41,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබුණි.
මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් හෙට (18) සහ අනිද්දා (19) යන දින දෙක තුළ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
Aruna