Monday, February 16, 2026
Follow Us
ජන අරගලයට දින සියයයි

ඊයේ (16) රාත්‍රී විශේෂ සැමරුම් උත්සවයක්


ගාලු මුවදොර අරගලය ආරම්භවී අදට (17) දින 100ක් සම්පූර්ණ වේ.

පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණි.

මේ අතර අරගලයට කැපවී දිවිදුන් පුද්ගලයින් සැමරීම සඳහා ඊයේ (16) රාත්‍රී විශේෂ සැමරුම් උත්සවයක් ද අරගල භූමියේදී පැවැත්විය.

මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර අරගලය සඳහා දින 100ක් සපිරෙන අද දිනයෙත් එය සැමරීම සඳහා වි‍ශේෂ වැඩසටහන් සංවිධානය කර තිබේ.

Aruna