Monday, February 16, 2026
Follow Us
දේශපාලන අවශ්‍යතා මත නොව රටේ යහපත මත තීරණ ගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ඉදිරි කාලය සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින් එම භාරධූර කර්තව්‍ය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙරට සමස්ථ මැතිවරණ කොට්ඨාශයම නියෝජනය කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතා මත නොව රටේ යහපත මත පදනම්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණ ගැනීම කාලීන අවශ්‍යතාවක් බවද එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

රට තවදුරටත් ව්‍යාකූලත්වයට පත්වීම වැළැක්වීමට සහ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෑම ආකාරයකින්ම කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Neth