Sunday, December 28, 2025
Follow Us
රටපුරා හර්තාල් කිරීමේ සූදානමක්

ලබන 18 වැනිදා රටට සිදුවන්න යන දේ මෙන්න


වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් ඉදිරි පැය 24 ඇතුළත රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් ලබන 18 වැනිදා රට පුරා හර්තාලයක් සහ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.

ජනතාව ව්‍යාකූල නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථානුකූල පිළිතුරක් අවශ්‍ය බවත් ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් අවශ්‍ය නොවන බවත් එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුව අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුම වී ඇති බවද ඔහු සඳහන් කළේය. දැනටමත් මෙම අරගලය ෆැසිස්ට් අරගලයක් ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නම් කර අවසන් බවත් එම නිසා ඉලක්කය කොයි දිශාවටද යන්නේ යැයි තේරුම් ගැනීමට අපහසු නොවන බවත් හෙතෙම කීවේය.

Aruna