පවතින නොසන්සුන්තා සහ ඩීසල් හිගය හේතුවෙන් බස් රථ ධාවනයට අද දිනයේද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සියයට 10 ක පමණ බස් රථ ප්‍රමාණයක් පමණක් අද දිනයේ ධාවනයට එක් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ අද දිනයේ සිය බස්රථ 3,000 ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි . සාමාන්‍ය දිනයකදී එම මණ්ඩලය ධාවනය එක් කෙරෙන බස් රථ සංඛ්‍යාව 5,000 ක් පමණ වනවා. එහෙත් මගීන් සහ සේවකයන් අඩුවීම හේතුවෙන් අද දිනයේ බස් රථ 3,000 ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ.
අද පස්වරුවේද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. පෙරවරුවේද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කළ බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
Neth