Monday, February 16, 2026
Follow Us
තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

කාන්තාවන් 5 දෙනෙකුටත් තුවාල


ඊයේ දිනයේ පැවති විරෝධතාවලින් තුවාල ලැබූ 84 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එහිදී පුද්ගලයින් 42ක් පොල්දූව මංසන්ධිය ආසන්නයේ ඇතිවූ විරෝධතා හේතුවෙන් තුවාල ලබා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකුද සිටින බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ තුවාල ලැබූ පිරිස අතර එක් යුද හමුදා සෙබළෙක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවය.

Aruna