ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝෂණය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී තිබෙනවා.
ශ්‍රී ලංකා පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත ගරු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.
පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා. එහිදී එම ප්‍රකාශය සිදුකරනු ලබන පුද්ගලයා සඳහන් කර සිටින්නේ ජුලි 09 වෙනිදායින් පසුව පවතින්නේ නව සම්මුතියක් බවයි.
මේ අතර ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හැරීම අපේ රටට හෝ එහි ජනතාවට හිතකර නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි ආයතනවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාවගේ සහ එහි ජනතාවගේ ජිවිතයට අත්‍යවශ්‍ය වන බව රජයේ අඛන්ඩ කාර්යයන් සහතික කරන බවද නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.
Neth