Monday, February 16, 2026
Follow Us
ඇසළ පොහොය අදයි

පින්බර පොහෝ දිනයක් වේවා !


සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී ඇත.

එමෙන්ම,සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සහ රාහුල කුමරුගේ උප්පත්තිය සිදුවී ඇත්තේද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම, අරිට්ඨ කුමරු ඇතුළු 56 දෙනකු මහණව උපසම්පදාව ලැබුවේද අද වැනි දිනයකය.

භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම ආරම්භ කරන්නේද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදීය.

ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද දිනයේදී ආගමික වැඩසටහන් රැසක් පැවැත්වේ.

Aruna