Sunday, December 28, 2025
Follow Us
තෙල් මිලේ ඇත්ත කතාව?

ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීම සදහා නව පියවරක්


ඉන්ධන මිල පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සහ රේගු අධිකාරිය ඉදිරිපත් කරන දත්ත අතර විශාල පරතරයක් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

රේගු දත්තවලට අනුව, රජයේ බදුද ඇතුළුව සියලු ම ඉන්ධන වර්ග රුපියල් 300ට අඩුවෙන් ලබා දිය හැකි වුව ද භූමිතෙල් හැර අනෙකුත් ඉන්ධන වර්ග රුපියල් 470ට අලෙවි කිරීමෙන් රජය හා පෞද්ගලික සමාගම් ලීටරයකින් රුපියල් 2,00ට වැඩි ලාභයක් ලබන බව එම සංගමය සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විගණනයක් කළ යුතු බවත් එය පැහැර හැරීමෙන් මහජනතාවගේ අයිතීන් උල්ලංඝණය කර තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසීය.

සියලුම ඉන්ධන වර්ගවලින් රුපියල් 200ක් අඩුකර පාරිභෝගිකයාට සහනයක් ලබා දීමට හැකියාව තිබියදී පාරිභෝගිකයා සූරා කෑමට ඉඩදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිහඬව බලා සිටින බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්ධන මිල නියාමනයට ලක්කර සත්‍ය මිල තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පත් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Aruna