Monday, February 16, 2026
Follow Us
තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වෙයි

ගෑස් පාරිභෝගිකයින්ට පණිවිඩයක්


ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද තවත් ගෑස් නෞකාවක් අද (12) පෙරවරුවේ දිවයිනට ළඟා වී තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් පැවසුවේ මෙට්‍රික් ටෝන් 3700 ක් රැගත් ගෑස් නෞකාවක් මෙලෙස මෙරටට පැමිණි බවයි.

පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම බෙදාහැරීම සදහා වහාම අද පස්වරුවේ ගෑස් ගොඩබෑම ආරම්භ කරන බව ඔහු පැවසීය.

ඉදිරියේ තවත් ගෑස් නෞකා කීපයක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව වී. කේතේෂ්වරම් වැඩිදුරටත් කීය.

Aruna