Monday, February 16, 2026
Follow Us
ජූනි මාසයේදී ශ්‍රී ලාංකිකයින් 27,900 ක් රට රැකියාවලට ගිහින්

කටාර් රාජ්‍යයට යන්න ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි කැමැත්තක්


මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27937 දෙනෙකු විදේශ ගතවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉන් බහුතරය වූ 18083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජූනි මාසයේදී 9854 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇත.

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසයේ මුල් සතිය දක්වා රැකියා සඳහා විදේශ ගතවී ඇති සමස්ථ ප්‍රමාණය 156179 කි.

ස්වයං මාර්ගයෙන් 100767 ක් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 55411 දෙනෙකුද විදේශ ගතවී තිබේ.

ජනවාරි සිට මේ දක්වා වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 39216කි.

කටාර් රාජ්‍යයට 36229, සෞදි අරාබියට 26098ද, දකුණු කොරියාවට 3219ද, ජපානයට 2576 ක්ද රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

එසේම ජනවාරි සිට මේ දක්වා වෘත්තිය රැකියා සඳහා 46992 කු හා සාමාන්‍ය වෘත්තිය රැකියා සඳහා 49923 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ගෘහාශ්‍රිත රැකියා සඳහා 38871 දෙනෙකු විදේශ ගතවී තිබේ.

Aruna