වී අස්වනු නෙලීම සඳහා උපයෝගී කර ගන්නා යන්ත්‍ර සඳහා ඉදිරි දින කිහිපය ඇතුලත අවශ්‍ය ඉන්ධන තොග නොලැබුනහොත් අම්පාර දිස්ත්‍රික්කය ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ වී අස්වනු නෙලීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිසි පරිදි ගණනය කර ඛණිජ තෙල් අමාත්‍යාංශය වෙත ලබා දී ඇතත් මෙතෙක් අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කිරීමට අදාල බලධාරීන් පියවර ගෙන නොමැති බවයි.
මෙම කන්නයේ වී අස්වැන්න නිසි පරිදි නෙලා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී ඇති විය හැකි යැයි පැවසෙන සහල් හිඟය තවත් උග්‍රවිය හැකි බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති විය හැකි බවත් ඒ සදහා දැන් සිටම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඉකුත් කාල සීමාවේදී බොහෝ දෙනා කතාබහට ලක් කළා. වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා ව්‍යාපෘති ආරම්භ කෙරුණේද ඒ අනුවයි.
එහෙත් විවිධ අපහසුතා මැද වී වගා කළ ගොවීන්ගේ අස්වනු නෙලා ගැනීමට බලධාරීන් නිසි අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක්. වී අස්වනු නෙලීම සඳහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් වහා අවධානය යොමු කළ යුතු බව නෙත් නිවුස් අවධාරණය කරනවා.
Neth