Monday, April 29, 2024
Follow Us
වෛද්‍ය වර්ජනයට අමතරව අද තවත් වර්ජන කිහිපයක්

වෛද්‍ය වර්ජනයට අමතරව අද (18) දිනයේදී තවත් වැඩවර්ජන කිහිපයක් පැවැත්වෙනවා. රජයේ දන්ත වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද අද පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ රැසක සේවකයින් ආරම්භ කළ වර්ජනය තව දුරටත් කි‍්‍රයාත්මකයි. ඔවුන්ගේ ඉල්ලීම වන්නේද වැටුප් ගැටළුවක්. ලංගම සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද කි‍්‍රයාතාමක වන්නේ තුන්වන දිනයටයි.

ශී‍්‍ර ලංකා පරිපාලන සේවකයින්ගේ සංගමයද මේ වන විට සීමිත රාජකාරී ප‍්‍රමාණයක් පමණක් ඉටු කරමින් වෘත්තීය සමිති කි‍්‍රයාමර්ගයක නිරත වෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ සිය ගැටළු වලට නිසි විසදුම් නොලැබුනහොත් ලබන සදුදා සිට දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමර්ගයක නිරත වන බවයි. ඔවුන්ගේ ඉල්ලීම වන්නේද වැටුප් ගැටළුවක්.

එමෙන්ම සත්ව උද්‍යානවල සේවකයින්ද අද පෙරවරු 8.00 සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ, ස්ථාන මාරු කිරීම්වලට විරෝධය පළ කරමින්. මේ අතර ආබාධිත රණවිරුවන් 08වන දිනටත් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග‍්‍රහයේ නිරත වනවා.

(Neth)