ගෝඨා ගෝ ගමදී නිලඇදුමට අපහාස කරලා
ජුලි 09 වෙනිදා මහරගමදී අරගලකරුවන් සමඟ එක්වී ඇති නිලධාරියා බවට හඳුනාගෙන ඇති පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
අද අළුයම් කාලයේදී පාවහන් යුවලක් පැළද ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටියදි මෙම පොලිස් නිලධාරියාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම නිලධාරියා කොස්තාපල්වරයෙක් වන අතර ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙක්.
කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ පාවහන් පැළද නිල ඇදුමින් මෙම නිලධාරියා සැකකටයුතු ලෙස එහි රැදී සිටීම නිසා අත්අඩංගුවට ගත් බවය.
ඔහුට පොලිස් ඇප දී මුදා හරින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් විනයානුකූල පියවර ගැනීමට නියමිතය.
Aruna