Sunday, December 28, 2025
Follow Us
මෙන්ඩිස් ශතකය අභියස

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ 3වන දිනය අදයි


ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ 3 වැනි දිනය සදහා අද පෙරවරුවේ තරගය ආම්භවීමට නියමිතයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ ඊයේ (09) දිනය නිමාවන විට කඩුලූ 2 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 184 කි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 86 යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 6 ක්ද ලබාගෙන නොදැවී කඩුල්ලේ රැදී සිටියි.

පැතුම නිස්සංක ලකුණු 6 කට දැවී ගිය අතර, මිචෙල් ස්ටාර්ක් හා මිචෙල් ස්වෙප්සන් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදියි.

Aruna