Monday, February 16, 2026
Follow Us
හජ් උත්සවය අදයි

මුස්ලිම් දේවස්ථානවල අද විශේෂ ආගමික වතාවත්


ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අදට යෙදී තිබේ.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩුව ලෙස සැලකෙන්නේ හජ් උත්සවය වන අතර එය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් විසින් සමරනු ලබයි.

නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි.

ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලයේ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කරයි.

Aruna