Monday, February 16, 2026
Follow Us
තුවාලකරුවන් අතර මාධ්‍යවේදීන් 11ක්

තුවාල ලැබූ විරෝධතාකරුවෝ 55ක් ප්‍රතිකාර ලබා පිටවෙති


ආණ්ඩුවට එරෙහි ඊයේ (09) සිදු වු විරෝධතා අතරතුර ඇතිවූ සිදුවීම්වලින් පුද්ගලයින් 103 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 05 දෙනෙකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට දී මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊයේ (09) රාත්‍රී විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පහරදී තිබේ.

Aruna