Sunday, December 28, 2025
Follow Us
අගමැතිගේ නිවසට ගිනි තැබීම නීතිඥ සංගමය හෙළා දකී

නීතිඥ සංගමය ජනතාවගෙන් කළ ඉල්ලීම


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම ඇතුළු එවැනි සියලු ක්‍රියා හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නොයෙදෙන ලෙසත් පුද්ගලයන්ගේ පුද්ගලයන්ට හා දේපළවලට හානි නොකරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය මෙසෙයි.

ප්‍රචණ්ඩ ක්‍රියාවල නොයෙදෙන ලෙසත් පුද්ගලයන්ගේ පුද්ගලයන්ට හා දේපළවලට හානි නොකරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනතාවගෙන් ඉල්ලා සිටී. එවැනි ක්‍රියා සිදු කිරීමට ඉඩ නොතබන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී. ගිනි තැබීම සහ දේපළවලට හානි කිරීම සාමකාමී විරෝධතාවලට අරමුණු පරාජයට පත් කරනු ඇත. එය රටට‍ කිව නොහැකි හානියක් වන අතර එහි ආර්ථිකයට සහ මේ රටේ ජනතාවට බරපතල ලෙස බලපානු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම ඇතුළු එවැනි සියලු ක්‍රියා හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

Aruna