Monday, April 29, 2024
Follow Us
අද අටේ සිට වෛද්‍යවරු දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

රජයේ වෛද්‍යවරුන් පිරිසක් අද (18) පෙරවරු 08.00 සිට පැය 24ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියළු සේවාවලින් වෛද්‍යවරුන් ඉවත්වන බවයි.

වැටුප් විෂමතා සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු මුල් කර ගනිමින් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

විධායක නිලධාරි කාණ්ඩ සඳහා කැබිනට් මණ්ඩලය විසින්ම නිර්මාණය කරන ලද වැටුප් විෂමතාවය සියළු දෙනාට සාධාරණය ඉටු වන පරිදි විසදීම සඳහා සුදුසු මැදිහත් වීමක් සිදු කරන ලෙසටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මෙම වර්ජනයට සහය ලබා නොදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ප‍්‍රකාශ කළේ. ඔවුන් කියා සිටියේ රෝගීන් පිඩාවට පත් කරන කිසිදු වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට සහය ලබා නොදෙන බවයි.

(Neth)