සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයෙන් පණිවිඩයක්
ඉන්ධන ගැටලුව වහාම විසඳා දෙන ලෙස ඉල්ලමින් හා රෝහල්වල ඖෂධ හිඟයට වහාම පිළියම් යොදන ලෙස ඉල්ලමීන් දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයින් අද (7) දහවල් 11.00 සිට 2.00 දක්වා පැය දෙකක කාලයක් සේවයෙන් ඉවත්ව කළු විරෝධී දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. මේ අනුව හෙට පැය දෙකක කාලයක් පුරා සේවයෙන් බැහැරව මෙම කළු විරෝධය පළ කරන බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද කළු විරෝධී දිනයට ප්‍රතිකාර සදහා පැමිණෙන පුද්ගලයින්ද සහභාගි වනු ඇති බවත් කළු විරෝධතාවය සම්බන්ධයෙන් රෝහල්වෙත පැමිණෙන ජනතාව දැනුවත් කිරීමක්ද සිදු කරන බවත් සංගමයේ සභාපති එස් මැදිවත්ත සඳහන් කළේය.
මීට අමතරව ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා වයඹ පළාතේ හෙද හෙදියන් අද දිනයේදී සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බවද හෙතෙම පැවැසීය.
Aruna