Sunday, December 28, 2025
Follow Us
සර්ව ආගමික පූජකවරුන් ඇතුළු විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

අද (07) දිනයේ සර්ව ආගමික පූජකවරුන් ඇතුළු පිරිසක් විසින් කොළඹ කොටුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවකට එරෙහිව කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව පාහියංගල ආනන්ද හිමි, උලපනේ සුමංගල හිමි, කළුබෝවිල පදුම හිමි ඇතුළු පිරිසකට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවතට ඇතුළු වීම, බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට හෝ පිටකොටුවේ වෙනත් ස්ථානයක රැඳී සිටීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කර ඇත.

මෙම නියෝගය කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

LNW