Sunday, December 28, 2025
Follow Us
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දුට බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිවේදනය කර සිටියේ.

මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

කෙසේ වුවද හෙට ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

Neth