Monday, February 16, 2026
Follow Us
මව්වරුන්ට හා දරුවන්ට ඉන්ෆ්ලුෙවන්සා දරුණු වෙයි

උණ වැළඳුණහොත් ඉක්මනින් රෝහල්ගත වෙන්න


මේ දිනවල වේගයෙන් පැතිර යන ඉන්ෆ්ලුෙවන්සා වයිරසය ගර්භනී මව්වරුන්ට සහ පසු ප්‍රසව අවස්ථාවේ පසුවන මව්වරුන්ට සහ දරුවන්ට දරුණු සංකූලතාවන් ඇති කරන්නක් බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සදහන් කරයි.

වයිරසයෙන් බේරීම සදහා හැකි හැම විටම මුව ආවරණයන් පැළදීමටත් සෙනග ගැවසෙන ස්ථානයන් වෙත නොයෑමත් වගබලා ගන්නැයි විශේෂඥවරයා ගර්භනී මව්වරුන්ට දැනුම් දී සීටියි.

මේ දිනවල උණ වැළඳුණහොත් වහාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා මුණ ගැසි රෝහල් ගත වන ලෙසත් හැකි ඉක්මණින් රෝහල් ගත වුවහොත් මව සහ දරුවා සංකූලතාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි යැයිද වෛද්‍ය ලැනරෝල් සඳහන් කරයි.

Aruna