Monday, February 16, 2026
Follow Us
කොළඹ ජල සැපයුම හදිසියේ බිඳවැටේ

අද වතුර නැති ප්‍රදේශ මෙන්න


සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කලේය.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

නඩත්තු කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර හෙට(08) පෙරවරු 06 පමණ වනවිට නැවත සැපයුම ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කලේය.

Aruna