Sunday, December 28, 2025
Follow Us
බැංකු පවත්වාගෙන යාම අර්බුදයක

බැංකු සේවකයින් රාජකාරියට එන්න විදියක් නෑ


බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසයි.

ඉන්ධන අර්බුදය හමුවේ බැංකු කටයුතු ක්‍රමයෙන් අඩපණ වෙමින් පවතින බව ඔහු පවසයි.

” බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ. ඒ මේ වෙද්දි එකින් එක වැහෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්විට ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බැහැ. බැංකු පවත්වාගෙන යෑම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සේවකයින් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේවනතුර නිෂ්චිත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත්කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් තියෙනවා.”

Aruna