Monday, February 16, 2026
Follow Us
ඉන්ධන පෝළිම්වල ගැටළු අවම කරන්න වව්නියාවෙන් විසඳුමක්

ඉන්ධන හිඟය මේ වන විට රට මුහුණ පා ඇති ප්‍රධාන අර්බුදවලින් එකක් බවට පත්ව තිබෙනවා. සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් පවා පෝලිම්වල ගත කිරීමට බොහෝ පිරිසකට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් පිරවුම්හලකට ලැබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය පවා සාධාරණ ලෙස බෙදීනොයාම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ අවස්ථා ද ඕනෑ තරම් දැකගත හැකි වුණා. කෙසේවෙතත් වව්නියාව දිස්ත්‍රික්කය තුල පවතින පිරවුම්හල්වල එවැනි ගැටලු මතුනොවීමට රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කළ ජංගම දුරකතන යෙදවුමක් හේතු වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී ඒ සරත්චන්ද්‍ර.

නීති විරෝධී සහ අසාධාරණ අයුරින් ඉන්ධන එක් රැස් කිරීම එම ජංගම දුරකතන යෙදවුම මගින් සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බවයි වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

Neth