Sunday, December 28, 2025
Follow Us
සිවිල් වැසියකුට පයින් ගහපු හමුදා නිලධාරියා‌ සියලු රාජකාරිවලින් ඉවත්කරයි

යුද්ධ හමුදා පොලිසිය විමර්ශණ අරඹයි


යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ සිද්ධියට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියා පිළිබඳ මූලික පරීක්‍ෂණ උසාවියේ නිර්දේශ ලැබෙන තුරු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු රාජකාරිවලින් ඉවත්කර තිබේ.

ඒ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මතයි.

සිද්ධියට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මඟින් විමර්ශනයක් ද මීට සමගාමීව සිදුකරමින් පවතී.

මෙම සිදුවීම පිළිබඳව නිරීක්‍ෂණය කර ඒ සබැඳිව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිවරයාගේ නියෝග මත ආරක්‍ෂක සේනා මූලස්ථානය – බටහිර වෙතින් බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත මූලික පරීක්‍ෂණ උසාවියක් පසුගිය සඳුදා (4) දින පත් කරන ලදී.

Aruna