Monday, February 16, 2026
Follow Us
විවාහ වීමත් අඩු වෙයි

විවාහ ලියාපදිංචිය 85%කින් පහළට


පසුගිය වසරවලට සාපේක්ෂව මෙම කාලයේ විවාහ ලියාපදිංචිය සියයට 85 කින් පමණ අඩු වී තිබෙන බව දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සම ලේකම් සුසන්තා හේමශ්‍රී රණසිංහ පවසයි.

පවතින ඉන්ධන අර්බුදය සහ ආර්ථික ගැටලු මෙලෙස විවාහ අඩුවීමට හේතුවී ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම මාසය විවාහ නැකැත් බහුලව යෙදෙන මාසයක් වන අතර, වෙනත් වර්ෂවල මෙම මාසයේදී විවාහ සඳහා උත්සව ශාලා වෙන් කර ගැනීම පවා අර්බුදකාරි තත්ත්වයක පැවතුණත් මේ වනවිට විවාහ උත්සව පැවැත්වීම ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩු වී ඇති බවයි වාර්තා වේ.

 

Aruna