Monday, February 16, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ප්‍රධාන ජල නල පද්ධතියේ දෝෂයක්


කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය – මොරගස්මුල්ල – රාජගිරිය – නාවල පාර සහ විවෘත විශ්ව විද්‍යාලය දක්වා සම්බන්ධිත අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

කොළොන්නාවේ සිට පැමිණෙන ප්‍රධාන ජල නල පද්ධතියේ හටගත් දෝෂයක් මීට හේතු වී ඇත.

අද පෙරවරු 10 පමණ වනවිට ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Aruna