Sunday, December 28, 2025
Follow Us
ඉන්ධන අර්බුදයෙන් පැයකට 4ක් මරුට

හදිසි මරණවල වැඩිවීමක්


පවතින ඉන්ධන අර්බුදය සමග ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මහමග සහ නිවෙස්වල රෝගීන් මියයාමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව වෛද්‍යවරු පවසති.

විශේෂයෙන් හෘදයාබාධ වැලඳීමෙන් සහ අධිරුධිර පීඩනය වැනි රෝග වලින් සිදුවන හදිසි මරණවල වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන අතර එම මියගිය පුද්ගලයන් බොහෝදෙනෙකු මියගොස් ඇත්තේ රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම හේතුවෙනි.

මෙලෙස මිය ගිය පුද්ගලයන් බොහෝ දෙනෙකු අවුරුදු හතළිහත් පනහත් අතර (40-50) වයස් කාණ්ඩයේ පසුවෙති.

එම නිසා මෙවැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන් සිය ඖෂධ ක්‍රමානුකුලව ලබාගැනීම ඉතා වැදගත් බවට විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති.

එසේම මේ දිනවල දෛනිකව හදිසි රෝගී තත්ත්ව ඇතිවීමෙන් සහ අනතුරු හේතුවෙන් පුද්ගල මරණ තිස් දෙකත් තිස්පහත් (32-35) අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත් සෑම පැයකටම මරණ හතරක් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Aruna