Saturday, April 04, 2026
Follow Us
ගාලු පාර වසා දමයි

රියදුරන්ට පොලිසියෙන් විශේෂ පණිවුඩයක්


මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාරේ අම්බලන්ගොඩ මාදම්පේ උස්මුදලාව හංදිය සිට දෙහිවල දක්වා වූ මාර්ගය වසා දමා ඇත.

එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

දෙහිවල අම්බලන්ගොඩ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මුහුදු රළ ගොඩට පැමිණ වීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා වී තිබේ.

පවතින දැඩි සුළං තත්ත්වය සහ මුහුදේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු රළ ගොඩට පැමිණ තිබේ.

Aruna