Monday, February 16, 2026
Follow Us
කන්දකාඩුවෙන් පැනගිය රැඳවියන් 57 දෙනෙකු නිදැල්ලේ

රටම පීරමින් තවදුරටත් මෙහෙයුම්


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 57 දෙනෙකු පමණ මෙතෙක් සොයාගෙන නොමැති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් එහි හටගත් කලහකාරී තත්ත්වයත් සමග පසුගිය 29 වෙනිදා රැඳවියන් පිරිසක් ඉන් පළාගොස් තිබුණි.

පළාගිය රැඳවියන්ගෙන් 650 කට වැඩි පිරිසක් මේ වනවිට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර ඔවුන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කර තිබේ.

Aruna