Monday, February 16, 2026
Follow Us
මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන්න


අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බවට දක්වමිනුයි එම ලිපිය යොමුකර ඇත්තේ.

උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට තමන් වහන්සේලාට ලිඛිතව දැන්වුව ද එකී අර්බුද සඳහා සැබෑ විසඳුම් පසෙකලා සුපුරුදු පක්ෂ දේශපාලන න්‍යායපත්‍රය මත ක්‍රියාත්මක වීම පිළිබඳ අප්‍රසාදය පළ කරන බව ද එහි සඳහන්.

Aruna