Monday, February 16, 2026
Follow Us
මවක් දරු දෙදෙනා සමග වැවට පනී

5 හැවිරිදි දැරිය මිය යයි


මවක් සිය දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ සිද්ධියක් වාර්තා විය.

35 හැවිරිදි මව එලෙස චන්ද්‍රිකා වැවට පැන ඇත්තේ සිය 5 හැවිරිදි දැරිය සහ 11 හැවිරිදි දරුවා සමගය.

සිද්ධියෙන් 5 හැවිරිදි දැරිය මියගොස් ඇති අතර11 හැවිරිදි දරුවා දිවි බේරාගෙන තිබේ.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසුවන මව ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එම මව සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වී ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් 2,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

Aruna