Monday, February 16, 2026
Follow Us
ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට කොටු

බහුදින යාත්‍රා අටක් නාවික හමුදා භාරයට

ගෙවුණු මාස තුනක කාලය තුළ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 506 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගැඹුරු මුහුදේදී පුද්ගලයන් 433 දෙනකුත්, වෙරළට සමීප මුහුදු තීරයේදී අවස්ථා පහකදී 73 දෙනකුත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව වෙත ගමන් කිරීමට යොදාගෙන තිබූ බහුදින යාත්‍රා අටක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාවේ නිරීක්ෂණයට හසු නොවී 91 දෙනකු බෝට්ටු මගින් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට පිවිස ඇති අතර, ඔවුන් එරට වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට එවීමට කටයුතු කර තිබේ.

Aruna