සාමාන්‍ය පාපැදියක මිල රුපියල් 50,000 ඉක්මවයි
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාවගේ පාපැදි සහ පාපැදි අමතර කොටස් මිල දී ගැනීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබේ.
පාපැදි මිලදී ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක පාපැදි අලෙවිසැල් වෙත මේ දිනවල බහුල ලෙස ජනතාව පැමිණෙන අතර පාපැදි සඳහා ඉල්ලුම ඉහළ යමින් ඇති මෙවන් පසුබිමක පාපැදි මිල ගණන්ද ඉහළ ගොස් ඇත.
මේ වනවිට සාමාන්‍ය පාපැදියක මිල රුපියල් 50,000 සීමාව ඉක්මවා ඇති අතර නව මාදිලිවල පාපැදි සහ විවිධ තාක්ෂණික උපාංගවලින් යුත් පැපැදියක මිළ රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇත.
පාපැදි අලෙවිකරුවන් ප්‍රකාශ කර සිටියේ සිය පාපැදිය භාවිතයෙන් ඉවත් කර තිබූ පිරිස් ද ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට යළි පාපැදිය භාවිතයට යොදා ගැනීමත් සමග පාපැදි අමතර කොටස් සහ උපාංග අලෙවියේ ඉහළ යාමක් පවතින බවත් පාපැදිවල ටියුබ්, චේන්, අඟුළු ඇතුළු උපාංගවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවත් ය.
Aruna