Monday, February 16, 2026
Follow Us
අත්‍යවශ්‍ය ඖෂධ හා එන්නත් වර්ග 10 ක තොග තවත් සතියකින් අවසන්

අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් වර්ග 10 ක තොග තවත් සතියකින් අවසන්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් එන්නතක් වන්නේ ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගයට ලබාදෙන “රේබීස්” නම් එන්නතයි. මෙම එන්නත සියලු රෝහල්වල පාහේ භාවිතයට ගැනෙනවා. එය මෙරටට අත්‍යවශ්‍යම එන්නතක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ට ලබාදෙන එන්නතක් ද තවත් සතියකින් අවසන් වීමට නියමිතයි. එම එන්නත ද අනිවාර්්‍යයෙන්ම මෙරට දැඩිසත්කාර ඒකක ක්‍රියාත්මක රෝහල්වලට අත්‍යවශ්‍යව පවතිනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ආනයනය කිරීමට වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කරන බවයි.

Neth