Monday, April 29, 2024
Follow Us
ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ යයි - ප‍්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

ඇද හැළෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් ප‍්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ඉහල යමින් තිබෙනවා.

කැළණිි ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් තිබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර ප‍්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට නිකුත් කර ඇත්තේ අධි අවධානම් රතු නිවේදනයක්.

කළුතර දිස්ති‍්‍රක්කයේ මතුගම, අගලවත්ත සහම පාලින්ද නුවර යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අවධානම් හෙවත් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්ද වලල්ලාවිට, දොඩංගොඩ සහ ඉංගිරිය යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට විමසිලිමත්ව සිටිය යුතු බව හැගවෙන කහ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිරිඇල්ල, කළවාන, අයගම සහ කුරුවිට යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශවලටද කහ නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇහළියගොඩ සහ රත්නපුර යන යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට ඇම්බර් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයට අඹගමුව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයටද නායයෑමේ අවධානමක් ඇතැයි ඇම්බර් නිවේදනය නිකුත් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව කෑගල්ල දිස්ති‍්‍රක්කයේ වරකපොල සහ දෙහිඕවිට යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට විමසිලිමත් විය යුතු බව දැක්වෙන කහ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර ඇති මෙම නායයෑම් අනතුරු පිළිබඳ ඉතා විමසිලිමත් වන ලෙසයිි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ. දක්වා ඇති ප‍්‍රදේශවල නායයෑම් ලක්ෂණ ඇති වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන්නැයි ඔවුන් උපදෙස් ලබා දෙනවා.

ප‍්‍රදේශ කිහිපයකින් දැනටමත් අපදා සහ පිඩාවට පත්වූවන් පිළිබඳ වාර්තාවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර ලංකාවට බස්නාහිර සහ ගිණිකොනදිග මුහුදු ප‍්‍රදේශවලටද වැසි අපේ්ක්ෂා කරනවා. පැයට කිලෝ මීටර් 70ක පමණ තද සුළං ද එම මුහුදු ප‍්‍රදේශවල ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

(Neth)