Monday, February 16, 2026
Follow Us
බත් පැකට්ටුවේ සිට සියලුම ආහාර වර්ගවල මිල 10%කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බත් පැකැට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ ආහාර පිසීමට යොදා ගන්නා ආහාරද්‍රව්‍ය වල මිල ඉහළ යාම මෙලෙස බත් පැකැට්ටුවක හා අනෙකුත් ආහාරවල මිල ඉහළ දැමීමට හේතු වූ බවයි.

ඉන්ධන මිල උදෑසන වැඩිවූ පසුබිමක් තුළ අද දහවල් කාලයේ සිටම මෙලෙස බත් පැකැට්ටුවක මිල දැමීම සාධාරණදැයි නෙත් නිවුස් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් මෙහිදී විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ ආපනශාලා හිමයන්ට රජයෙන් යම් සහනයක් ලබාදෙන්නේ නම් ආහාරවල මිල ගණන් පහළ දැමිමට කටයුතු කළ හැකි බවයි.

Neth