Sunday, December 28, 2025
Follow Us
හමුදාවේ යැයි පවසා නිවසක් කොල්ලකාලා

ලක්ෂ දොළහක රන් බඩු කොල්ලයකින් හලාවත දෙවනත් වෙයි


යුධ හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී හලාවත – රඹේපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී දොළොස් ලක්ෂයකට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ සිද්ධියක් වාර්තා වේ.

අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාත්‍රි කාලයේදී අදාළ නිවසට ඇතුළු වී ඇත්තේ වලාන දූෂණ මර්දන ඒකකයෙන් බව පවසමිනි.

පසුව යුද හමුදාවේ බවත් තවත් විටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බවත් නිවැසියන්ට පවසා ඇති බවට තොරතුරු වාර්තා වන අතර මුදල් කොල්ලකා පලා යන අවස්ථාවේ සැකකරුවන් පවසා ඇත්තේ තමන් ඉහත සඳහන් කළ කිසිදු ඒකකයකට අයත් නොවන අතර කොල්ලකෑමේ අරමුණින් නිවසට පැමිණි බවයි.

Aruna