Sunday, December 28, 2025
Follow Us
බස් ධාවනය සීමා වෙයි

නැව එන දිනයක් තවම නැහැ


ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙම අවස්ථාවේදී තහවුරුවක් ලබාදිය නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (25) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඔහු කියා සිටියේ මීළඟ තෙල් සැපයුම වරායට පැමිණ එය ගොඩබාන තුරු පොදු ප්‍රවාහනය, විදුලිය නිෂ්පාදනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන බවයි.

පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් සංචිත ඉදිරි සතියේදී සීමිත පිරවුම්හල් සංඛ්‍යාවකට බෙදාහැරීමට පියවර ගන්නා බවද පැවසූ අමාත්‍යවරයා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඉන්ධන නිකුත් කිරීම සීමා සහිත වීමත් සමඟ යළිත් ඉදිරියේ දී බස් ධාවනය සීමා කිරීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

Aruna